“අස්වැසුම” සුභසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පොරොත්තු ලේඛනයේ සිටින පවුල් 800,000කට අධික පිරිසකට සතොස ආයතනය මඟින් වට්ටම් මිලකට ආහාර පැකේජයක් ලබාදීමට සැලසුම් කර තිබෙනවා.
ඒ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද තුළ ජීවන වියදම අඩු කිරීම සහ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහායි.
ඒ අනුව එහිදී රුපියල් 5,000ක වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් පැකේජයක් රුපියල් 2,500ක මිලකට ලබාදීමට නියමිත බවයි වාර්තා වන්නේ.
සුදුසුකම්ලත් ප්‍රතිලාභීන් ලෙස ‘අස්වැසුම’ පොරොත්තු ලේඛනයේ දැනට ලියාපදිංචි වී සිටින පවුල් 812,753කට මෙම සුවිශේෂී වට්ටම පිරිනැමීමට නියමිතයි.
මෙම වැඩසටහන අප්‍රේල් 1වනදා සිට අප්‍රේල් 13වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
(colombotimes.lk)