බිත්තරයකින් ලබන ආදායමට අද (01) සිට වැට් බද්දක් පැනවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව 18%ක වැට් බද්දක් මෙලෙස පැනවීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙලෙස බිත්තර සඳහා වැට් බද්දක් පැනවීමට තීරණය කළද බිත්තර මිලෙහි වැඩිවීමක් සිදු නොවන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කළා.
ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ බිත්තර සඳහා වැට් බද්දක් ක්‍රියාත්මක කිරීම අසාධාරණ බවයි.
එමෙන්ම මේ හේතුවෙන් සිය කර්මාන්තය කඩා වැටීමක් සිදු වන බවද එම සංගමය ප්‍රකාශ කළා.
(colombotimes.lk)