5 වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති හා සම්මන්ත්රණ පැවැත්වීම ලබන 11 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 15 පැවැත්වීම හේතුවෙන්.
අදාළ තහනම කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව මධ්‍යස්ථාන 2,888 දී එම විභාගය පැවැත්වෙන අතර පෙරවරු 9.30 සිට 10.45 දක්වා දෙවැනි ප්‍රශ්න පත්‍රය ලබාදීමටයි නියමිතව ඇත්තේ.
(colombotimes.lk)