26 July 2025

logo

ප්‍රදේශ කිහිපයකට අදත් ගිගුරුම් සහිත වැසි



බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට අද (03) මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

එමෙන්ම දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන්.

මේ අතර සබරගමුව, මධ්‍යම, උතුරුමැද පළාත්වල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)