colombotimes.lk
සිංහල | English

13 May 2024

ආනයන කළ බිත්තර ඔබට ලබාගත හැකි ක්‍රමය මෙන්න



ඉන්දියාවෙන් ආනයන කළ බිත්තරයක් රුපියල් 35 ක මිලකට හෙට (20) සිට ලංකා සතොස අළෙවිසැල් 442 හරහාම මිලදී ගත හැකි බව එහි සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පවසනවා. 

රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවෙන් සතොසට බිත්තර තොග ලැබුණු පසු අළෙවිසැල්වලට බෙදාහැරීමට දින එකහමාරක පමණ කාලයක් පමණක් ගත වන බවයි සභාපතිවරයා පැවසුවේ. 
 
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්‍ෂ 150 ක තොගය මේ වන විට තත්ව පරීක්‍ෂාවට යොමුකර ඇති බවත් තත්ව පරීක්‍ෂණය සමත් වූ වහාම බිත්තර, සතොසට සහ තෝරා ගත් සුපිරි වෙළෙඳසැල් කීපයකට බෙදාහරින බවත් රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව සඳහන් කළා.
(colombotimes.lk)