27 December 2024


උද්ධමනය පහළට



2024 සැප්තැම්බර් මාසයේදී -0.2%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය ඔක්තෝම්බර් මාසය වන විට -0.7%ක් දක්වා අඩු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එමෙන්ම සැප්තැම්බර් මාසයේදී 0.5%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 ඔක්තෝබර් මාසයේදී 1.3%ක් දක්වා වැඩි වී තිබෙන බවයි එම ලේඛනවල සටහන් වන්නේ.  

2024 සැප්තැම්බර් මාසයේදී -0.7%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 ඔක්තෝබර් මාසයේදී -2.3%ක් දක්වා අඩු වී තිබෙනවා.

(colombotimes.lk)