27 December 2024


රුහුණු සරසවියේ උපකුලපතිවරයා වෙනුවට නිසි බලධාරියෙක් පත් කරයි



රුහුණු විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා එම විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙනුවට නිසි බලධාරියා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්. එම්. යූ. එස්. කේ. රත්නායකව පත් කර තිබෙනවා.
 
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් අද (24) අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් මෙම පත් කිරීම සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20(4)(ආ) වන වගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව හෙට (25) සිට බලපැවැත්වෙන පරිදි මෙම පත් කිරීම කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය පහතින්,  




(colombotimes.lk)