12 May 2025


ඒක දන්තව ඝාතන සැලසුමක් ගැන හෙළිදරව්වක්



ගල්ගමුවේ 'ඒක දන්ත' යන දෑස් අන්ධ ඇතාව දේශපාලනික බලපෑම් මත මාදුරුඔය වෙත ගෙන ගොස් දමා ඝාතනය කිරීමේ කූඨ සැලැස්මක් ඇති බව වාර්තා වනවා. 

මාදුරුඔය යනු දඩයක්කරුවන්ගේ රාජධානියක් බව මේ පිළිබඳ විශේෂ අනාවරණයක් සිදුකරමින් පරිසරවේදී නයනක රන්වැල්ල මහතා ප්‍රකාශ කළා. 
 
එම ප්‍රදේශයේ සිටින දැවැන්ත ඇතෙකුගේ හෝ අලියෙකුගේ ප්‍රහාරවලට ලක් වීමෙන් මෙම සතාගේ ජීවිතය අවසන් වීමට ඉඩ ඇති බව ඒ මහතා කියා සිටියා. 
 
මෙම ඇතා මාදුරුඔයට ගෙන යාම මේ සම්බන්ධ ඉහළ නිලධාරීන් සහ දේශපාලන බලඅධිකාරිය හිතාමතා වංචනිකව මෙම සත්වයා මරණයට පත් කිරීමට සූදානම් වන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
(colombotimes.lk)