12 May 2025


යුක්‍රේනයෙන් රුසියාවට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්



රුසියාවේ මොස්කව් නුවරට යුක්‍රේන හමුදාව විසින් ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම ප්‍රහාරය සඳහා ඩ්‍රෝන යානා 35ක් යොදා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

ප්‍රහාර හේතුවෙන් එම ප්‍රදේශයේ පිහිටි තෙල් පිරිපහදුවක ගින්නක් ද හටගෙන තිබෙනවා.

මේ වන විට මොස්කව් දේශසීමා ප්‍රදේශවල විදුලි බලය ද ඇන හිට ඇති බවයි වාර්තා වන්නේ.

සිය ජනාධිපතිවරණය කඩාකප්පල් කිරීම සඳහා යුක්‍රේනය මෙලෙස ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරන බව රුසියානු රජය ප්‍රකාශ කළා.

 
(colombotimes.lk)