12 May 2025


ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් භයානක හෙළිදරව්වක්



ලෝක සෞඛ්‍ය සංවිධානය සිදු කළ අධ්‍යනයකට අනුව ලෝකය පුරා බිලියන 03 කට අධික පිරිසක් ස්නායු අබාධ තත්වයන්ට ගොදුරු වී සිටින බව හෙළිව තිබෙනවා.

ඉන් සියයට 80ක් වාර්තා වී ඇත්තේ මධ්‍යම සහ අඩු ආදයම් ලබන රටවලින් බවයි සඳහන් වන්නේ.

මෙම ස්නායු අබාධ තත්වයන්ට පිරිමි පුද්ගලයින් වැඩි වශයෙන් ගොදුරු වී තිබෙන බව වැඩිදුරටත් පෙන්වා දෙනවා.

1990 වසරෙන් පසු 2021 වසර වන විට දියවැඩියාව ආශ්‍රිතව ස්නායු රෝග තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි එම අධ්‍යනය මඟින් වැඩිදුරටත් හෙළි කර ඇත්තේ.

 
(colombotimes.lk)