වෙසක් පොහොය නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට අමුත්තන් හමුවීම සඳහා හෙට (12) සහ අනිද්දා (13) අවස්ථාව සලසා දී තිබෙනවා.
බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කළේ එම දින දෙක තුළ පෙරවරු 09.00 සිට පස්වරු 04.00 දක්වා කාලය තුළ එම අවස්ථාව හිමි වන බවයි.
මේ අතර බන්ධාගාර වෙසක් කලාපය 12,13 හා 14 යන දින තුන තුළදී බේස්ලයින් පාර බන්ධනාගාර මූලස්ථානය ඉදිරිපිට ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)