එළඹෙන උත්සව සමය වෙනුවෙන් ලබන මස 15 වැනිදා සිට දිවයින පුරා වැටලීම් සහ විමර්ශන ක්රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙන බව පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කරනවා.
ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් මේ වන විට සකස් කර ඇති බවයි එම අධිකාරියේ පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්යක්ෂ අසේල බණ්ඩාර මහතා කියා සිටියේ.
උත්සව සමයේදී කල් ඉකුත් වූ සහ තොරතුරු වෙනස් කරමින් නොයෙකුත් භාණ්ඩ වෙළඳපොළ වෙත පැමිණීමේ ඉඩකට වැඩි බැවින් ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරමින් මෙම වැටලීම් ක්රියාත්මක බවත්, රෙදි පිලි, විදුලි උපකරණ සහ අනෙකුත් භාණ්ඩද උත්සව සමයේදී වැඩි ඉල්ලුමක් සහිතව අලෙවි වන බැවින් ඒ සම්බන්ධවද වැටලීම් සිදු කිරීමට නියමිත බවත් ඔහු සඳහන් කළා.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ සම්බන්ධව මහජනතාවට පැමිණිලි ඇත්නම් 1977 දරන දුරකථන අංකය වෙත තොරතුරු ලබා දිය හැකි බවයි.