colombotimes.lk
සිංහල | English

22 October 2024


පිරිමින් පසුබසින විට කාන්තාවන් ඉදිරියට - ශ්‍රී ලංකාවට තරගාවලි ජයක්



කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව අද (21) පැවති 3වන එක්දින තරගය ලකුණු 161කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ කොදෙව් කාන්තා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 275ක් රැස් කිරීමට සමත් වුණා.  

එහිදී චමරි අතපත්තු ලකුණු 91ක් සහ නිලක්ෂිකා සිල්වා ලකුණු 63ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කාන්තා කණ්ඩායමට පන්දුවාර 34යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 115ක් පමණයි.

මෙම තරගය ජයගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව ඓතිහාසික එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට සමත් වුණා.

ඒ අනුව වසර 16 කට පසු පළමු වරට බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිලට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 3 - 0 ලෙස පූර්ණ එක්දින තරගාවලි ජයක් හිමිකර ගත් අවස්ථාව මෙයයි.

මෙවර T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයන් නම් කරන වටිනා මැණිකක් දිනා ගන්න ඔබට පුළුවන්.

ඒ 'Colombo Times මැණික' තරගය හරහා.

තරගයට ඇතුළත් වෙන්න පහත Link එකෙන් Colombo Times YouTube නාලිකාව Subscribe කර එහි Screenshot එකක් සමඟ මෙවර ලෝක ශූරයන් වන කණ්ඩායම ගැන ඔබේ අනුමානය 070 4444 948 අංකයට Whatsapp කරන්න.

Colombo Times YouTube නාලිකාව Subscribe කිරීමට පිවිසෙන්න >>>https://www.youtube.com/@ColomboTimes_LK/videos