colombotimes.lk
සිංහල | English

22 October 2024


සියලුම ඌරන් එන්නත්කරණය කිරීමට පියවර



මේ දිනවල ඌරන් අතර පැතිරී යන වෛරස් රෝගයෙන් ඔවුන්ව ආරක්ෂා කිරීම සඳහා සියලු ඌරන් එනනත්කරණය කිරීමට පියවර ගන්නා බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය හේමාලි කොතලාවල සඳහන් කළේ ප්‍රජනන සහ ශ්වසන පද්ධතිය ආශ්‍රිත වෛරස් රෝගයක් මේ දිනවල ඌරන් අතර පැතිරෙන බවයි.

ඒ අනුව බස්නාහිර, වයඹ හා උතුරු මැද පළාත් ඇතුලු ප්‍රදේශ රැසකින් රෝගය වැළඳුණු ඌරන් හඳුනාගෙන තිබෙනවා.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ රෝග ව්‍යාප්තිය පාලනය සඳහා දිස්ත්‍රික් අතර ඌරන් ප්‍රවාහනය මේ වන විට අත්හිටුවා තිබෙන බවයි.

(colombotimes.lk)