කුලී ගමනක් යන මුවාවෙන් මෝටර් රථයකින් ගොස් එහි රියදුරුට යෝගට් පානයක් පොවා අවියක් පෙන්වා මෝටර් රථය පැහැරගෙන ගොස් තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, අයගම, තේ ජනපදය බෝගහවංගුව ප්‍රදේශයෙන් අදාළ සිදුවීම වාර්තාවන බවයි.
පසුගිය 05 වන දා රාත්‍රියේ පුද්ගලයෙකු සිහි මද ගතියකින් මාර්ගයේ වැටී සිටින බවට අයගම පොලිසියට තොරතුරක් ලැබී ඇති බව සඳහන්.
ඒ අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණා.
අනතුරුව එම පුද්ගලයා රෝහල් ගත කර ඇති අතර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම පුද්ගලයා පදවාගෙන පැමිණි කුලී රථය පිරිසක් කොල්ල කා ඇති බවටයි.
අදාළ පුද්ගලයා රැකියාව කරන කුලී ගමන් රථ සේවා ආයතනයෙන් ලද දැනුම් දීමකට අනුව කුලී ගමනක් යෑමට කඩවත ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු මෝටර් රථයට නංවාගෙන ඇති බව සඳහන්.
පසුව අතරමගදී බීමට යෝගට් පානයක් රියදුරු වෙත ලබාදී තිබෙනවා.
කෙසේ වෙතත් රියදුරු එය ප්‍රතික්ෂේප කර ඇති අතර අදාළ පුද්ගලයන් එය බලෙන්ම රියදුරුට පානය කිරීමට ලබා දී ඇති බවයි පැවසූවේ.
අනතුරුව අවි පෙන්වා තර්ජනය කර රියදුරු මෝටර් රථයෙන් එළියට ඇද දමා රථය සොරාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණ වුණා.
එසේම රියදුරුගේ ජංගම දුරකථන දෙකක් සහ මුදල් පසුම්බිය ද අදාළ සැකකරුවන් රැගෙන ගොස් තිබෙනවා.
සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයන් අයගම පොලිසිය විසින් විමර්ශන ක්‍රියාත්මකයි.
(Colombotimes.lk)