ඇෆ්ගනිස්ථානයේ හෙල්මාන්ඩ් පළාතේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මගී බස් රථයක් යතුරුපැදියක සහ ඉන්ධන බවුසරයක ගැටී පෙරළී ගොස් ගිනි ගැනීමට ලක් වීමෙන් අනතුර සිදුව ඇති බවයි සඳහන් වන්නේ.