03 May 2025


ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්



2025 පළාත් පාලන මැතිවරණයට අදාළව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් මැයි 05,06 සහ 07 යන දිනවලදී විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවාවන් සැපයීම සීමා කරන බවයි.

ඒ අනුව එක්දින සේවය සඳහා ක්‍රියාත්මක වූ පැය 24 සේවාව එම දිනවලදී ක්‍රියාත්මක නොවන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

(coclombotimes.lk)