02 May 2025


පාකිස්ථානයට ඉන්දීය ගුවන් සීමාව තහනම් වෙයි



පාකිස්ථානය හිමිකාරිත්වය දරන සහ පකිස්ථාන පාලනය යටතේ ඇති සියලුම ගුවන්යානාවලට සිය ගුවන් අවකාශය වසා දැමීමට ඉන්දියානු රජය තීරණය කර තිබෙනවා.

ඒ දෙරටේ ගැටුම්කාරී තත්ත්වය යළි දරුණු වී තිබෙන පසුබිමකදීයි.  

පසුගියදා ජම්මු සහ කාශ්මීරයේ පහල්ගම්හීදි පාකිස්ථානයට සම්බන්ධ ත්‍රස්තවාදීන් පිරිසක් විසින් කළ වෙඩි තැබීමකින් සංචාරකයන් 26දෙනෙක් මිය ගොස් තිබෙනවා.
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊට ප්‍රතිචාර ලෙස ඉන්දියාව මෙම පියවර ගෙන තිබෙන බවයි.

කෙසේ වෙතත් පසුගිය බ්‍රහස්පතින්දා ඉන්දියානු හිමිකාරිත්වය දරන සහ ඉන්දියානු පාලනය යටතේ ඇති සියලුම ගුවන්යානාවලට සිය ගුවන් අවකාශය වසා දැමීමට පාකිස්ථාන රජය විසින් පියවර ගෙන තිබෙනවා.

(colombotimes.lk)