පසුගිය දිනවලට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අගය අද (02) සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද රන් අවුන්සයක මිල රුපියල් 974,398ක් දක්වා පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එය පසුගිය 30වනදා සටහන් වුණේ රුපියල් 994,670ක් ලෙසයි.
එමෙන්ම අද කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 252,150ක් දක්වා පහළ ගොස් තිබෙනවා.
මේ අතර කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 31,520ක් දක්වා අඩු වී ඇති බවයි වාර්තා වන්නේ.
කැරට් 24 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 34,380ක් ලෙස සටහන් වුණා.
(colombotimes.lk)