කාශ්මීරයේ පසුගියදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණ පරීක්ෂණයක් ඉල්ලා සිටි මහජන අවශ්‍යතා පෙත්සමක් භාර ගැනීම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මෙම පෙත්සම ජම්මු සහ කාශ්මීරයේ පදිංචිකරුවන් තිදෙනෙක් විසින් ගොනු කර තිබූ බවයි වාර්තා වන්නේ.
එන්. කෝටිස්ටර් සිං සහ සූර්ය කාන්ත් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම පෙත්සම ප්‍රතික්ෂේප කර තිබෙනවා.