පිලිපීනයේ අධිවේගී මාර්ගයක බස් රථයක් වාහන කිහිපයක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුවී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් පුද්ගලයන් 10දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තවත් පුද්ගලයන් 30කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.
අධිවේගී මාර්ගයේ ගාස්තු ගෙවීමේ කවුලුවක් අසලදී බස් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම අනතුරට හේතු වූ බස් රථය අයත් සමාගමේ ප්‍රවාහන බලපත්‍රයද එරට ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් මේ වන විට අත්හිටුවා තිබෙනවා.
(colombotimes.lk)