colombotimes.lk
සිංහල | English

12 May 2024

අද දින කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක්



කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 05.00 සිට පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට අද පස්වරු 05.00 සිට හෙට පෙරවරු 09.00 දක්වා ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙන අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ.
(colombotimes.lk)