2021 මහ කන්නයේ සිට මෙරටට ආනයනය කරන ලද පොහොර සඳහා ණය වශයෙන් අතිවිශාල මුදලක් ගෙවීමට සිදුව තිබූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.
ඒ අනුව ගෙවීමට තිබූ සම්පූර්ණ ණය මුදල රුපියල් මිලියන 20,000 ද ඉක්මවා තිබූ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
කෙසේ වෙතත් එම ණය මුදලෙන් රුපියල් මිලියන 18,000ක් මේ වනවිට ගෙවා ඇති අතර තවදුරටත් ගෙවීමට ඇත්තේ රුපියල් මිලියන 2000ක් පමණක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
(colombotimes.lk)