09 May 2025


ජාතික වෙසක් සතිය හෙටින් ඇරඹෙයි



ජාතික වෙසක් සතිය හෙටින් (09) ආරම්භවීමට නියමිතව තිබෙනවා.

බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. පී සේනාධීර සඳහන් කළේ එය ලබන 16වනදා දක්වා ක්‍රියාත්මක බවයි.

කළණ මිතුරන් ඇසුරු කරමු යන්න මෙවර ජාතික වෙසක් සතියේ තේමාව වනවා.
 
වෙසක් සතියේ සමාරම්භක උත්සවය හෙට පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් නුවර එළිය බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.

(colombotimes.lk)