09 May 2025


කොළඹ වරාය කාර්යබහුල වෙයි



ඉන්දු පාකිස්ථාන යුධ තත්වය හේතුවෙන් කොළඹ වරාය කාර්යබහුල වී තිබෙනවා.

වරයා හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු සඳහන් කළේ ඒ සඳහා උපරිම කාර්යක්ෂමතාවයෙන් යුතුව මුහුණ දීමට පියවර ගෙන ඇති බවයි.

යුධමය වාතාවරණයත් සමඟ ඉන්දීය නෞකා පාකිස්ථානය වෙත යාමත් පාකිස්ථාන නෞකාව ඉන්දියාව වෙත යාමත් අත්හිටුවා තිබෙනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඒ සමගම ප්‍රති නැව්ගත කිරීම් ඉහළ ගොස් ඇති බවයි.

(colombotimes.lk)