02 July 2025

logo

ඉන්දීය මිසයිල ප්‍රහාරවලට පාකිස්ථානයෙන් දරුණු ප්‍රතිචාරයක්



ඉන්දීය හමුදාව 'සින්දූර් මෙහෙයුම' යටතේ පාකිස්ථාන භූමියට මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාකිස්ථානයට එල්ල වූ ඉන්දීය මිසයිල ප්‍රහාරයෙන් පුද්ගලයන් 07දෙනෙක් ජීවිතක්ෂයට පත් වී තිබෙන බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් පාකිස්ථාන හමුදාව ඉන්දු - පාකිස්ථාන දේශ සීමාව හරහා කාලතුවක්කු වෙඩි ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඒ අනුව පාකිස්ථාන හමුදා විසින් එල්ල කරන ලද ෂෙල් වෙඩි ප්‍රහාරවලින් ඉන්දීය පාලිත කාශ්මීරයේ කාන්තාවන් දෙදෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
 
(colombotimes.lk)