සහල් ආනයනය සඳහා අවසර ලබාදීමෙන් පසුව අද (12) සවස 5.30 දක්වා කාලය තුළ සහල් මෙට්‍රික් ටොන් 1900ක් කොළඹ වරායට ගොඩබා ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.
රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ 2024 දෙසැම්බර් 09 සිට මේ දක්වා පුද්ගලික අංශය විසින් සහල් මෙට්‍රික් ටොන් 440ක් ආනයනය කර තිබෙන බවයි.
පසුගිය දෙසැම්බර් 02 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී රජයේ පෞද්ගලික අංශයට සහල් ආනයනය කිරීමට අවසර ලබා දුන්නා.
ඒ අනුව මෙම මස 20 වනදා දක්වා එම අවසරය හිමි වන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)