12 December 2024


කොටස් වෙළෙඳපොළෙන් වාර්තාවක්



කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමුවරට සියලු කොටස් මිල දර්ශකය අද (12) ඒකක 14,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 14,001.73ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වන්නේ.

එමෙන්ම S&P SL20 මිල දර්ශකය ඒකක 42.80කින් ඉහළ ගොස් තිබෙනවා.

එය සටහන් වුණේ ඒකක 4186.80ක් ලෙසයි.

මේ අතර සමස්ත වෙළෙඳපොළ පිරිවැය රුපියල් බිලියන 7.3ක් දක්වා සටහන් වී තිබෙනවා.

(colombotimes.lk)