19 April 2025


දකුණු කොරියානු ජනපතිට විදෙස් ගමන් තහනමක්



දකුණු කොරියානු ජනාධිපති යුන් සොක් යෝල් හට විදෙස් ගමන් තහනමක් පැනවීමට කොරියානු බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඒ පසුගිය 3වනදා කෙටිකාලීනව එරට යුධ නීතිය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ඔහුව විමර්ශනයට ලක්වෙමින් පවතින හෙයින්.

පසුගියදා ඔහුට එරෙහිව විරුද්ධ පක්ෂ 6ක් විසින් ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කළ දෝෂාභියෝගය අසාර්ථක වුණා.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවමත් එරට පාර්ලිමේන්තුව ඉදිරිපිට ජනාධිපතිවරයා ඉවත් විය යුතු බවට පවසමින් ජනතාව විරෝධතාවල නිරත වන බවයි.

(colombotimes.lk)