12 December 2024


කථානායකවරයාට විශ්වාසභංගයක් ගෙන ඒමට තීරණය වෙයි



කථානායක අශෝක සපුමල් රංවලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවම් ප්‍රකාශ කළා.

ඒ අද (12) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ කථානායකවරයා මුල් අවස්ථාවේදී තමන්ට ආචාර්ය උපාධියක් ඇති බවට සහ විවිධ උපාධි ඇති බවට පෙන්වා ජනතාව රවටා ඇති බවයි.

ඒ අනුව කථානායකවරයාට එරෙහි විශ්වාසභංගයක් සිය පාර්ලිමේන්තු කණ්ඩායම හරහා ඉදිරිපත් කිරීමට තීරණය කළ බව ඔහු සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඒ සඳහා සමස්ත විපක්ෂය සහ හෘද සාක්ෂියට එකඟ ආණ්ඩුවේ පිරිස්ද දායකත්වය ලබා දෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.

(colombotimes.lk)