07 July 2025

logo

සිරියාවට අන්තර්වාර අගමැතිවරයෙක්



පසුගියදා කැරලිකරුවන් අතට පත්වූ සිරියානු රජයේ අන්තර්වාර අගමැතිවරයා ලෙස මොහොමඩ් අල් බෂීර්ව පත්කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහුගේ පත්වීම 2025 වසරේ මාර්තු 01 වනදා තෙක් ක්‍රියාත්මක බවයි.

කැරලිකරුවන් විසින් පාලනය කළ රජයේ ප්‍රධානියා ලෙස ඔහු මීට පෙර කටයුතු කර තිබෙනවා.

සිරියාවේ ජනාධිපති ලෙස කටයුතු කළ අල්-අසාද් පසුගිය 08 වනදා සිය ධූරයෙන් ඉවත්වී එරටින් පළාගොස් තිබුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු මේ වන විට රුසියාවේ රැකවරණය සහිතව සිටින බවයි.

(colombotimes.lk)