20 February 2026

logo

ෆයිසර් මුස්තාපාගේ නම ගැසට් කරයි



නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ෆයිසර් මුස්තාපාගේ නම ගැසට් කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකක් හිමිවුණා.
 
ඉන් එක් මන්ත්‍රී ධූරයක් සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන රවී කරුණානායකගේ නම යෝජනා කිරීමට එම පෙරමුණේ විසින් පියවර ගෙන තිබෙනවා.

(colombotimes.lk)