රිලා උවදුර තුරන් කිරීම සඳහා ස්ථීරසාර විසඳුමක් ලෙස රිලවුන් වන්ධ්‍යකරණය කිරීමේ නියමු ව්‍යාපෘතිය අද (12) මාතලේ ඉහළ හරස්ගම ප්‍රදේශයෙන් ආරම්භ කර තිබෙනවා.
මෙම නියමු ව්‍යාපෘති සඳහා රජය රුපියල් මිලියන 4.5ක මුදලක් වැය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ඉදිරියේදී රට පුරා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර තිබෙනවා.
මාතලේ දිස්ත්‍රික්කය තුළ උගුල් කූඩු යොදා අල්ලා ගනු ලබන රිලවුන් ගිරිතලේ සත්ත්ව සුරැකුම් මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් වන්ධ්‍යකරණය සිදු කර නැවත ඔවුන් අල්ලාගත් ප්‍රදේශයට මුදා හැරීම සිදු කරන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)