18 April 2025


ඖෂධ අවශ්‍යතාවයෙන් 30%ක් මෙරටදී



මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 30%ක් මෙරටදී නිෂ්පාදනය කිරීම‍ට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එය මේ වසර අවසන් වනවිට සිදු කරන බව එම අමත්‍යංශය සඳහන් කළා.

එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ, මේ වනවිට මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් දේශීයව නිෂ්පාදනය කරන්නේ 17%ක් පමණක් බවයි.

ඖෂධ නිෂ්පාදන ගම්මාන හා කලාප ගණනාවක මේ සඳහා වන නව කර්මාන්ත ශාලා ඉදිකිරීමට පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කළා.

අතිරේක ලේකම්වරයා වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, ඉදිරි අවුරුදු දෙක තුළ මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 70%ක් මෙරට නිෂාපාදනයට සැලසුම් කරන බවයි.
(colombotimes.lk)