09 May 2025


සිස්ටයින් දේවස්ථානයේ චිමිනියෙන් සුදු දුමාරය පිටවෙයි



සිස්ටයින් දේවස්ථානයේ චිමිනියෙන් සුදු දුමාරය මීට සුළු මොහොතක​ට පෙර නිකුත් වී තිබෙනවා.

එමඟින් නිල වශයෙන් නිවේදනය කරන්නේ කාර්දිනල්වරු අතරින් නව පාප් වහන්සේ කෙනෙක් තෝරාගෙන ඇති බවයි.

ඒ අනුව නව පාප් වහන්සේ ඉදිරි පැයේදී ශාන්ත පීතර චතුරශ්‍රයට ඉහළින් ඇති බැල්කනියේ පෙනී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.  

මේ වනවිට ශාන්ත පීතර චතුරශ්‍රයේ රැඳී සිටින ජනතාාව ප්‍රීති ඝෝෂා නගමින් සිටින බවයි වාර්තා වන්නේ.


(colombotimes.lk)