08 January 2025


දිවයින පුරා ගුරු පුරප්පාඩු 30,000ක්



දිවයින පුරා ගුරු පුරප්පාඩු 30,000කට ආසන්න සංඛ්‍යාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව සඳහන් කළේ ඉංග්‍රිසි, විද්‍යාව, ගණිතය සහ අනෙකුත් සෑම විෂයක් සඳහා ගුරු පුරප්පාඩු පවතින බවයි.

අනුප්‍රාප්තිකයන් නොමැතිව ගුරුවරුන්ට මාරුවීම් ලබා ගැනීමට නොහැකිව තිබෙන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා.

ඒ හේතුවෙන් ගුරුවරු බොහෝ දෙනෙක්ට නවක ගුරුවරු බඳවා ගන්නා තුරු රැඳී සිටීමට සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)