08 January 2025


කැනේඩියානු අගමැති ලිබරල් පක්ෂ නායකත්වයෙන් අස්වන බව කියයි



කැනඩාවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ මෙම සතියේදී ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන බවට ප්‍රකාශයක් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පක්ෂ රැස්වීමකට පෙර ඔහු ඉල්ලා අස්වීමට නියමිත බවයි.

කෙසේවෙතත් ඔහු පක්ෂයේ නායකත්වයෙන් වහාම ඉවත් වනවාද නැතහොත් අනුප්‍රප්තිකයෙක් තෝරා ගන්නා තෙක් එම ධූරයේ රැඳී සිටිනවාද යන්න සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රකාශයක් සිදු කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)