26 March 2025


ජනාධිපතිවරණය ගැන විජයදාසගෙන් තීරණයක්




ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන ලෙස තමාට පාර්ශව කිහිපයකින් ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ, විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන බහුතර සාමාජිකයින්ඒ සම්බන්ධයෙන් ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවයි.

ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ද යන්න සම්බන්ධයෙන් තමා තීරණයක් ගන්නා බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
(colombotoimes.lk)