colombotimes.lk
සිංහල | English

12 May 2024

විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක වැටුප් ගැටළුව ගැන තීරණයක්



රාජ්‍ය විශ්ව විද්‍යාලවල අනධ්‍යන කාර්ය මණ්ඩල වැටුප් විෂමතාව ඉවත් කිරීම හා දීමනා සම්බන්ධයෙන් වන අමාත්‍ය මණ්ඩල සංදේශය අමාත්‍ය අනු කමිටුව වෙත ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.

2016 වර්ෂයේ සිට මේ දක්වා මෙම ගැටළුව විසඳීමට සාර්ථක ක්‍රියාමාර්ගයන් නොගැනීම හේතුවෙන් රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ බරපතල වෘත්තීය ගැටළුවක් නිර්මාණය වී තිබෙන බවයි වාර්තා වන්නේ.

එයට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශ දෙක ලබන 8 වැනිදා අමාත්‍ය අනු කමිටුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.
(colombotimes.lk)