සිංගප්පූරුව බලා පියාසර කිරීමට නියමිත UL 308 ගුවන්යානය ප්‍රමාද වන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කර තිබෙනවා.
එම ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කළේ චෙන්නායි සිට පැමිණි UL 122 ගුවන් යානයේ සිදු කළ විශේෂ පරීක්ෂාව හේතුවෙන් මෙම ප්‍රමාදය සිදු වන බවයි.
පසුගියදා සිදු වූ කාශ්මීර ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් කිහිපදෙනෙක් සිටින බවට ඉන්දියාවෙන් ලද තොරතුරකට අනුව චෙන්නායි සිට පැමිණි UL 122 ගුවන් යානය අද (03) විශේෂ පරීක්ෂාවකට ලක් කළා.
(colombotimes.lk)