05 May 2025


ට්‍රම්ප්ගෙන් තවත් දැඩි තීරණයක්



වෙනත් රටවල නිෂ්පාදිත චිත්‍රපට සඳහා 100%ක තීරු බද්දක් පැනවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.
 
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඇමරිකාවේ චිත්‍රපට කර්මාන්තය ඉතා වේගයෙන් කඩාවැටෙමින් පවතින බැවින් මෙම තීරු බදු පැනවීමට එක්සත් ජනපද වෙළඳ නියෝජිතවරයාට බලය පවරන බවයි.
 
එමෙන්ම යළි ඇමරිකාවේ චිත්‍රපට නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය වී ඇති බවද ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊට සහයෝගය පළ කිරීමක් ලෙස වෙනත් රටවල නිෂ්පාදනය කරන චිත්‍රපට සඳහා තීරුබදු ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි.

(colombotimes.lk)