පළාත් පාලන මැතිවරණය අද (06) පැවැත්වෙනවා.
ඒ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 04.00 දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 13,759කදී පැවැත්වීමට නියමිතයි.
පළාත් පාලන ආයතන 339ක් සඳහා පැවැත්වෙන ඡන්ද විමසීමේ දී ඡන්ද හිමියන් 17,156,338 දෙනෙක් ඡන්දය භාවිතා කිරීමට මෙවර සුදුසුකම් ලබා තිබෙන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළා.
(colombotimes.lk)