05 May 2025


ඉරානයෙන් අනතුරු ඇඟවීමක්



ඇමරිකාව හෝ ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කළහොත් ප්‍රතිප්‍රහාර දියත් කරන බවට ඉරානය අනතුරු අඟවා තිබෙනවා.

ඒ ඉරානයට ප්‍රහාර එල්ල කරන බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතෙන්යාහු කළ ප්‍රකාශයත් සමඟයි.

ඉරානයේ සහය ලබන හූති සටන්කාමීන් ඊයේ (04) ඊශ්‍රායලයේ බෙන්ගුරීයන් ගුවන්තොටුපොළට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඒ සමඟම ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා අනතුරු අඟවා ඇත්තේ ඉරානයේ සහය ලබන හූති සටන්කාමීන්ට එරෙහිව ප්‍රහාර එල්ල කරන බවටයි.

ඇමරිකාව හෝ ඊශ්‍රායලය යුද්ධයක් ආරම්භ කිරීමට උත්සහ කළහොත් එම රටවල මර්මස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බව ඊට ප්‍රතිචාර දක්වමින් ඉරානය ප්‍රකාශ කර තිබෙනවා.

(colombotimes.lk)