05 May 2025


මාලදිවයින් ජනපති වාර්තා අලුත් කරයි



මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු වාර්තාගත පැය 15ක මාධ්‍ය හමුවක් පවත්වා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දීර්ඝතම මාධ්‍ය හමුව පැවැත් වූ රාජ්‍ය නායකයා ලෙස යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි විසින් මීට පෙර තබන ලද වාර්තාව මාලදිවයින් ජනාධිපතිවරයා විසින් බිඳහෙලා ඇති බවයි.

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනයට සමගාමීව මොහොමඩ් මුයිසු ඊයේ (03) මෙම මාධ්‍ය හමුව පවත්වා තිබෙනවා.

යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි 2019 වසරේ ඔක්තෝබර් මාසයේදී පැය 14ක මාධ්‍ය හමුවක් පැවැත්වූ බවයි වාර්තා වන්නේ.


(colombotimes.lk)