26 December 2024


විදෙස්ගත ශ්‍රමිකයන්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර වංචාවක් ගැන හෙළිවෙයි



විදෙස්ගත ශ්‍රමිකයන්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබාදී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිතා කර ඇති බව විශේෂ විගණනයකින් හෙළිවී තිබෙනවා.

විගණකාධිපති WPC වික්‍රමරත්න සඳහන් කළේ විදෙස් රටවල රැකියාවල නිරත සුදුසුකම් ලැබූ පුද්ගලයන් රැසකට එම බලපත්‍ර ලැබී නොමැති බවයි.

පසුගිය රජය විසින් ක්‍රියාත්මක කළ ‍එම වැඩපිළිවෙල සම්බන්ධයෙන් කළ විශේෂ විගණන වාර්තාව මේ වන විට පාර්ලිමේන්තුවට භාරදී ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

(colombotimes.lk)