නිරිතදිග තුර්කියේ හෙලිකොප්ටර් යානයක් අනතුරකට ලක්වීමෙන් පුද්ගලයන් 04 දෙනෙක් මිය ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ හෙලිකොප්ටර් යානය රෝහල් ගොඩනැගිල්ලක ගැටීමෙන් අනතුරට පත්ව ඇති බවයි.
අනතුරට පත්වු යානය රෝහල් අවශ්‍යතා සඳහා භාවිතා කරන යානයක් වන අතර අනතුරින් යානයේ සිටි නියමුවන් දෙදෙනෙක්, වෛද්‍යවරයෙක් සහ තවත් සේවකයෙක් මිය ගොස් තිබෙනවා.
අධික මීදුම සහිත කාලගුණික තත්ත්වය අනතුරට හේතු වී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)