02 May 2025


දේශබන්දුගෙන් පොලීසියට ලිපියක්



ජීවිත තර්ජන පවතින බැවින් තමාට ආරක්ෂාව ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් පොලීසියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඊයේ (01) ලිඛිතව අදාළ ඉල්ලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

ධූරයේ කටයුතු කිරීම අත්හිටුවා ඇති දේශබන්දු තෙන්නකෝන් ඝාතනය කරන බවට විදෙස්ගතව සැඟව සිටින අපරාධ කල්ලි නායකයෙක් වන කංජිපානි ඉම්රාන් විසින් තර්ජනය කර ඇති බවට පසුගිය දිනවල වාර්තා පළවී තිබුණා.

තමාගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත්කර ඇති බැවින් ජීවිතයට තර්ජන පැවතීම හේතුවෙන් සුදුසු ආරක්ෂාවක් ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් පොලීසියෙන් එලෙස ඉල්ලීමක් කර තිබෙන බවයි වාර්තා වන්නේ.


(colombotimes.lk)