ශ්‍රී ලංකාවේ වැඩ කරන ජනයා ප්‍රමුඛ පොදු ජනතාව මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය සමරන්නේ මෙරට දූෂිත ප්‍රභූ දේශපාලනය අවසන්කර ජනතාවාදී පාලනයක් තුළ රටත් සමාජයත් ගැඹුරු සාධනීය පරිවර්තනයකට ලක් කරමින් තිබෙන අවස්ථාවක බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ඒ මැයි දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින්.
පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ජාති, ආගම් භේදයකින් තොරව මෙරට සිව් දෙස ජනතාව විසින් දේශපාලනයේ සුවිශේෂී හැරවුමක් සනිටුහන් කළ බව ජනාධිපතිවරයා එහිදී සිහිපත් කර තිබෙනවා.
ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම ජනවරමේ අපේක්ෂා සාක්ෂාත් කරමින් මේ වන විට රට ආර්ථික, සමාජීය හා දේශපාලන වශයෙන් පුළුල් පරිවර්තනයකට ලක් කිරීමට ජාතික ජන බලවේගය කටයුතු කරන බවයි.
(colombotimes.lk)