02 May 2025


රට පුරා මැයි රැළි ඇරඹෙයි



ජාත්‍යන්තර කම්කරු දිනයට සමගාමීව මෙරට දේශපාලන පක්ෂ සංවිධාන කළ මැයි දින රැළි මේ වන විට ආරම්භ කර තිබෙනවා.

වත්මන් ආණ්ඩුව නියෝජනය කරමින් ජාතික ජන බලවේගය මැයි දින රැළිය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ගාලුමුවදොර පිටියේදී පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ප්‍රධානම විපක්ෂය නියෝජනය කරමින් සමගි ජන සන්ධානයේ මැයි දින රැළිය සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් තලවකැළේ ළිදුල නගර සභා පිටියේදී පැවැත්වෙනවා.

පොදුජන පෙරමුණේ මැයි රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ සිය මැයි රැළිය එම පක්ෂ මූලස්ථානයේදී පවත්වා තිබෙනවා.

එමෙන්ම සර්වජන බලය සංවිධානය කළ මැයි දින රැළිය වරකාපොළ දී පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.


(colombotimes.lk)