නවසීලන්ත කිලෝ ග්‍රෑම් 85ට අඩු බර පන්තියේ රග්බි කණ්ඩායම දිවයිනට පැමිණ තිබෙනවා.
ඒ ශ්‍රී ලංකාව සමඟ තරග 2කින් සමන්විත රග්බි තරගාවලියට සහභාගී වීම වෙනුවෙන්.
නවසීලන්ත රග්බි කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ තරග සංචාරය නිරත වන්නේ 1907 වසරෙන් පසුව බවයි වාර්තා වන්නේ.
එමෙන්ම නවසීලන්ත කිලෝග්‍රෑම් 85ට අඩු බර පන්තියේ කණ්ඩායමක් තරග සංචාරයක් සඳහා එක්වන පළමු අවස්ථාව මෙයයි.
මෙම තරග සංචාරයේ පළමු රග්බි තරගය මැයි 4වනදා මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)